ඇද ගෙන යන බෝට්ටුවක් නයිජීරියාවට සැතපුම් 200 ක් පමණ එහා මුහුදේ උඩු යටිකුරුව මුහුද පතුලේ ගිලි ගියේය. නාවිකයන් එකොළහක් ගිලී මිය ගියහ. නමුත් බෝට්ටුවේ අරක්කැමියා වන හැරිසන් ඔඩිජෙග්බා ඔකිනේට වායු කුහරයක් හමුවිය. ඔහුට තිබුණේ එක කොකා කෝලා බෝතලයක් පමණි. ඔහුගේ විදුලි පන්දම් දෙකම පැය විසිහතරක් තුළ නිවී ගියේය. භයානක දින තුනක් පුරා ඔකිනේ මුහුදු පතුලේ තනිව සිරවී සිටියේය. ඔහු බලාපොරොත්තු…
සතුන් සමඟ කතා කරන දොස්තර හොද හිත පොත්, චිත්‍රපටි සහ නාට්‍යය ආදියෙන් බොහෝ දෙනෙක් ප්‍රීති ප්රමෝදයට පත් කළේය. කෙසේ වෙතත් කර්තෘ හියු ලොෆ්ටිං පළමු දොස්තර හොද හිත කතාවන් ලීවේ තම දරුවන්ට බව දන්නේ ඉතා සුළු පිරිසකි. ඒ 1 ලෝක යුද්ධ කාලයේ අගල්වල සැඟවී සිටිද්දීය. ඔහු පසුව කීවේ යුද්ධය ඉතා කුරිරු වූ නිසා තම ලිපිවල එහි විස්තර ලියනවා වෙනුවට ඔහු කථා…
වොෂිංටන් ඩි.සී. නගරයෙහි එන්ෆන්ට් ප්ලාසා දුම්රිය ස්ථානය අසළ නිහතමානී වයිලින් වාදකයෙක් වයිලීනය වාදනය කරමින් සිටියේය. ඔහු බේස්බෝල තොප්පියක් සහ ටී-ෂර්ට් එකක් පැළඳ සිටියේය. ඔහු වයිලීනයේ තත් මත බෝව එහේ මෙහේ කරන විට ඉමිහිරි නාද පිටවූයේය. නමුත් මගීන් ඔහු පසුකර ගියේ කිසිම තැකීමක් නොකරය. ඔහු සම්පූර්ණ සංගීත වැඩ සටහනක් වාදනය කළ අතර සවන් දීමට නැවතුණේ අතලොස්සක් සෙනඟය. ඔවුන් පසුකර යන්නේ ඊට…
1980 දී ආධුනික කුරුළු විද්‍යාඥ යූජින් ෂෙෆ්ලීන් යුරෝපීය ස්ටාර්ලිං කුරුල්ලන් හැටක් නිව් යෝර්ක්හි නගර උද්‍යානයට නිදහස් කිරීමට තීරණය කළාය. මෙම විශේෂය හඳුන්වාදීමේ අවස්ථා කිහිපයක්ම පැවතියද, වාර්ථා වන අන්දමට කූඩු සාර්ථකව සෑදුණේ ෂෙෆ්ලීන්ගේ නිදහස් කිරීමෙන් පසුවය. දැනට කුරුල්ලන් මිලියන අසූපහක් පමණ මහද්වීපය පුරා පියාඹති. අවාසනාවකට මෙන් ස්ටාර්ලිං පක්ෂීන් ආක්රමණශීලිය. අපගේ දේශීය කුරුළු ගහනය පළවා හරිති. හරකුන්ට රෝග බෝ කරති. වාර්ෂිකව ඩොලර් මිලියන…
එංගලන්ත මූලික තරඟාවලියේ සෙනෙගාලයේ පාපන්දු තරුවක්වූ සාඩියෝ මේන්, ලොව වැඩිම වැටුපක් ගත් අප්‍රිකානු ක්‍රීඩකයා වූ අතර ඔහු වසරකට ඩොලර් මිලියන ගණනක් උපයා ගත් අයෙක් විය. ඔහු වීදුරුව බිඳුණු අයි-ෆෝනයක් පාවිච්චි කරන ඡායාරූපයක් දැක සමහරු ඔහුට උසුළු විසුළු කළහ. ඔහුගේ ප්‍රතිචාරයේ පැකිලීමක් නොවීය. “මට ෆෙරාරි දහයක්, දියමන්ති අත් ඔරලෝසු විස්සක් සහ ජෙට් යානා දෙකක් අවශ්‍ය මන්ද? මම බඩගින්නේ සිටියෙමි. මම කුඹුරු…
දහනව වන සියවසේ ඉංග්‍රීසි ජාතික බිෂොප් වරයෙක් වන විලියම් ටෙම්පල් වරක් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුන්ට කළ දේශනයක් අවසන් කළේ “මම මනහර කුරුසිය දෙස බලන විට” යන ඉංග්‍රීසි ගීතිකාවේ වචන වලිනි. නමුත් ඔහු එම ගීතය සැහැල්ලුවට ගැනීමට එරෙහිව අනතුරු ඇඟවූයේය. “ඔබ එම ගීතිකාවේ වචන මුළු හදවතින්ම අර්ථවත් කරන්නේ නම් ඔබට හැකි තරම් ශබ්ද නගා එය ගායනා කරන්න” කියා ටෙම්පල් කීවේය. “එහි…
ජාතීන් යුද්ධයට යාමට හේතු වූ බොහෝ මෝඩ දේවල් අතර එයින් දරුණුම එක වන්නේ පේස්ට්‍රී යුද්ධය නොවන්නේද? 1832 දී ප්‍රංශය සහ මෙක්සිකෝව අතර කම්පනයේදී මෙක්සිකෝ හමුදා නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශ පේස්ට්‍රී කඩයකට ගොස් මුදල් ගෙවීමකින් තොරව එහි තිබූ බේකරි ආහාර එකින් එක රස බැලූහ. විස්තර සංකීර්ණ විය. (කරදර උග්රවීමට තවත් උසි ගැන්වීම් හේතු විය). ප්‍රතිඵලය වූයේ 1838-39 දක්වා ඇතිවූ මෙක්සිකානු-ප්‍රංශ යුද්ධයයි. එය…
එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාර්තා කළේ එක්සත් ජනපද ගුවන් සේවාවන් මලු මිලියන දෙකක් වැරදි ලෙස හැසිරෙවු බවය. ස්තුතිවන්ත විය යුතු කරුණ වන්නේ බොහෝ භාණ්ඩ ප්‍රමාද වූයේ හෝ නැති වූයේ කෙටි කාලයකට පමණක් වන හෙයිනි. කෙසේ වෙතත් මලු දහස් ගණනක් සම්පූර්ණයෙන්ම නැති වුනි. ජී.පී.එස්. උපකරණවලට අති විශාල ඉල්ලුමක් තිබීම පදුමයක් නොවේ. මන්දයත් ගුවන් සේවා අත්හැරිය මලු ඇති තැන සොයා ගැනීමට ඒවා…
රුසියාව සමග ඇතිවූ මාස තුනේ (1939-1940) යුද්ධයේදී ෆින්ලන්ත සොල්දාදුවෙක් සටන් බිමෙහි තුවාල වී වැටී සිටියේය. ඔහුගේ දෙසින් රුසියානු සොල්දාදුවෙක් ගමන් කළේ ඔහුගේ රයිෆලය දිගු කර ගෙනය. තමා අවසන් වන බව ෆින්ලන්ත සොල්දාදුවාට ස්ථිර විය. කෙසේ වෙතත් රුසියානු සොල්දාදුවා ඔහුට ඖෂධ බෑගයක් ලබා දී නැවත ගමන ආරම්භ කළේය. පුදුමයට කරුණක් නම් ෆින්ලන්ත සොල්දාදුවාටද එවැනිම අවස්ථාවක් උදාවීමයි. භූමිකා පමණක් වෙනස් විය. රුසියානු…
මා කිසි දිනක ගොස් නැති ඉන්දියාවට ගුවනින් ගොස් මධ්‍යම රාත්‍රිය පසුවී බැංගලෝර් ගුවන් තොටුපලට ළඟා වුනෙමි. සිත නොසන්සුන් කරන ඊමේල් කීපයක්ම තිබුණත් මාව කැටුව යාමට එන්නේ කවුද කියාවත් ඔහු මුණගැසෙන ආකාරයවත් මා දැන නොසිටියෙමි. ගමන් මලු ලබාගන්නා ස්ථානයට සහ රේගු දොරටු වෙතට යන මහා ජන සමූහයා අනුව මමද ගියෙමි. ඒ අඳුරු රාත්‍රියේ මුහුණු විශාල ගණනක් අතරින් මා දෙස මිතුරු බැල්මක්…